නිවේදනයයි
2026 ජූලි 26 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, සංචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකාව වෙත යාමට බලාපොරොත්තු වන සියලුම සුදුසුකම් ලත් සංචාරකයින් ශ්‍රී ලංකාව වෙත යාමට පෙර විද්‍යුත් සංචාරක අවසරය (ETA) ලබා ගත යුතුය.
ජපානය ඇතුළු සුදුසුකම් ලත් රටවල් 40 ක ජාතිකයින්ට දින 30 ක විද්‍යුත් සංචාරක අවසරපත (ETA) නොමිලේ ලබා ගත හැකි අතර, රටට පැමිණීමට පෙර ETA මාර්ගගත අවසරය ලබා ගැනීම අනිවාර්ය වේ.
නිල ETA පද්ධතිය වෙත පිවිසීමට පහත දිගුව භාවිතා කරන්න.
https://eta.gov.lk/slvisa/
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලය, ජපානය
இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசின் தூதரகம், ஜப்பான்
Embassy of the Democratic Socialist Republic of Sri Lanka, Japan

Specified Skilled Worker Program (SSW)
The Embassy of the Democratic Socialist Republic of Sri Lanka
විශේෂිත නිපුණතා සේවක වැඩසටහන යනු
විශේෂිත නිපුණතා සේවක පදිංචිය පිළිබඳ තත්වය යනු විදේශීකයන්ට ජපානයේ වැඩ කිරීමට වඩාත් වැඩි අවස්ථාවක් ලබා දීම පිණිස නිර්මාණය කරන ලද පදිංචියකි. විශේෂිත නිපුණතා සේවක පදිංචිය පිළිබඳ තත්වය පිණිස වන්නාවූ පදිංචි වර්ග දෙකක් තිබේ: වර්ග (i) සහ වර්ග (ii). පදිංචි පිළිබඳ තත්ව වර්ග (ii) යටතේ වන පදිංචිය පිළිබඳ තත්වයට වර්ග (i) ට වඩා සුවිශේෂිතවූ කුසලතා අවශ්‍ය කරනු ලැබේ. මුලාශ්‍රය - www.ssw.go.jp
| විශේෂිත නිපුණතා සේවක (i) යටතේ පහත සඳහන් ක්ෂේත්‍ර 16 තුළ වැඩ කිරීමට පුද්ගලයන්ට ඉඩ ප්‍රස්ථාව සලසා දෙයි. | විශේෂිත නිපුණතා සේවක (ii) යටතේ පහත සඳහන් ක්ෂේත්‍ර 11 තුළ වැඩ කිරීමට පුද්ගලයන්ට ඉඩ ප්‍රස්ථාව සලසා දෙයි. |
| 1. හෙද රැකවරණය 2. ගොඩනැගිලි පිරිසිදු කිරීම 3. කාර්මික නිෂ්පාදනය 4. ඉදිකිරීම් 5. නැව් තැනීම සහ සමුද්ද්‍ර කර්මාන්තය 6. මෝටර් රථ නඩත්තුව 7. ගුවන් සේවා 8. නවාතැන් 9. මෝටර් රථ ප්‍රවාහන කර්මාන්තය 10. දුම්රිය 11. කෘෂිකර්මාන්තය 12. ධීවර කර්මාන්තය 13. ආහාර පාන නිෂ්පාදනය 14. ආහාර සේවය 15. වන වගාව 16. දැව කර්මාන්තය | 1. ගොඩනැගිලි පිරිසිදු කිරීම 2. කාර්මික නිෂ්පාදනය 3. ඉදිකිරීම් 4. නැව් තැනීම සහ සමුද්ද්‍ර කර්මාන්තය 5. මෝටර් රථ නඩත්තුව6. ගුවන් සේවා 7. නවාතැන් කර්මාන්තය 8. කෘෂිකර්මාන්තය 9. ධීවර කර්මාන්තය 10. ආහාර පාන නිෂ්පාදනය 11. ආහාර සේවය |
| වැඩිදුර තොරතුරු සදහා : www.moj.go.jp/isa/applications/ssw/10_00179.html | වැඩිදුර තොරතුරු සදහා : https://www.moj.go.jp/isa/applications/ssw/10_00180.html |
| විශේෂිත නිපුණතා සේවක (i) පදිංචිය පිළිබඳ තත්වය | විශේෂිත නිපුණතා සේවක (ii) පදිංචිය පිළිබඳ තත්වය |
| - ඔබට මුලුමනින් වසර පහක් ජපානයේ වැඩ කළ හැකිය. - ඔබට ඔබේ පවුල ජපානයට ගෙන ඒමට නොහැකිය. - ඔබට ජපන් කම්කරුවන්ට සේම සමාන වැටුපක් ලැබේ. - ඔබට ජපන් භාෂාව පිළිබඳ පුහුණුව ලැබේ. - ඔබට විවිධ ආකාර වූ සහයෝග ඔබේ සමාගම වෙතින් ලබා ගත හැක. | - කාල සීමා නොමැත - ඔබේ පවුල ඔබට ජපානයට ගෙන යා හැකිය. |