නිවේදනයයි

2026 ජූලි 26 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, සංචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකාව වෙත යාමට බලාපොරොත්තු වන සියලුම සුදුසුකම් ලත් සංචාරකයින් ශ්‍රී ලංකාව වෙත යාමට පෙර විද්‍යුත් සංචාරක අවසරය (ETA) ලබා ගත යුතුය.

ජපානය ඇතුළු සුදුසුකම් ලත් රටවල් 40 ක ජාතිකයින්ට දින 30 ක විද්‍යුත් සංචාරක අවසරපත (ETA) නොමිලේ ලබා ගත හැකි අතර, රටට පැමිණීමට පෙර ETA මාර්ගගත අවසරය ලබා ගැනීම අනිවාර්ය වේ. 

නිල ETA පද්ධතිය වෙත පිවිසීමට පහත දිගුව භාවිතා කරන්න.

https://eta.gov.lk/slvisa/

1 / 2

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලය, ජපානය

இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசின் தூதரகம், ஜப்பான்

Embassy of the Democratic Socialist Republic of Sri Lanka, Japan

Embassy Flag

Specified Skilled Worker Program (SSW)

The Embassy of the Democratic Socialist Republic of Sri Lanka 


ජපන් ආගමන සේවා නියෝජිතායතනයෙහි ලියාපදිංචි සහාය ආයතන

විශේෂිත නිපුණතා සේවක (i) පදිංචිය පිළිබඳ තත්වය යටතේ සේවාව කරනු ලබන විදේශිකයන්ට ජපානයේ ජීවත්වීමට මෙන්ම වැඩ කිරීම සඳහා ඔවුන්ගේ සමාගම වෙතින් විවිධ ආකාරයේ ආධාර උපකාර ලබා ගත හැකිය. (අදාල සමාගම මාර්ගයෙන් සහාය ලබා දිය නොහැකි නම්, සමාගමේ ඉල්ලීම පරිදි ලියාපදිංචි සහාය සංවිධානයකට එවැනි ආධාර සැපයිය හැකිය.)

පහත දැක්වෙන ආකාර 10 ක සහාය ඔබේ සමාගම මාර්ගයෙන් ඔබ වෙතට ලබා ගත හැකිය.

  1. ඔබ පදිංචිය පිළිබඳ තත්වය ලබා ගැනීමට පෙර ඔබේ සමාගමෙන් පැහැදිලි කිරීමක් ලබා ගැනීම
  2. ජපානයට ඔබ පැමිණෙන විටක ඔබ රැගෙන යාම මෙන්ම ඔබ ජපානයෙන් පිටත්ව තම මව් රටට ආපසු යන අවස්ථාවකදී හැරලවීම
  3. ඔබ ජීවත් වන නිවස සකස් කිරීමට මෙන්ම විදුලිය හා ගෑස් පිණිස වන ගිවිසුම් අත්සන් කිරීමට ඔබට උපකාර කිරීම
  4. ජපානය තුල ජීවත්වීම සංබන්ධ දිශානති සැසියක් ලබා දීම
  5. විවිධ ක්‍රියා පටිපාටි පිණිස නගර ශාලාවට සහ වෙනත් කාර්යාල වෙතට ඔබ සමඟ පැමිීණීම
  6. ජපන් භාෂා අධ්‍යනය පිණිස ඔබට උපකාර කිරීම
  7. ඔබේ ගැටළු සහ පැමිණිලි විසඳීම පිණිස හමුවීම් පැවැත්වීම
  8. ජපන් ජාතිකයන් සමඟ සන්නිවේදනය පිණිස ඔබට උදව් කිරීම
  9. රැකියා වෙනස් කිරීමට ඔබට උදව් කිරීම (සමාගම ඔබව සේවයෙන් ඉවත් කිරීමට අදහස් කරන්නේ නම්)
  10. සාකච්ඡා හමුවීම පැවැත්වීම (සෑම මාස තුනකටම එක් වරකට වඩා)

සිංහල භාෂාවෙන් සහය ලබාගත හැකි ආයතන   
- සිංහල භාෂාවෙන් සහය ලබාගත හැකි ආයතන වල විස්තර තද කළු අකුරින් (Bold) දක්වා ඇත.   
 
වැඩිදුර විස්තර