නිවේදනයයි

2026 ජූලි 26 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, සංචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකාව වෙත යාමට බලාපොරොත්තු වන සියලුම සුදුසුකම් ලත් සංචාරකයින් ශ්‍රී ලංකාව වෙත යාමට පෙර විද්‍යුත් සංචාරක අවසරය (ETA) ලබා ගත යුතුය.

ජපානය ඇතුළු සුදුසුකම් ලත් රටවල් 40 ක ජාතිකයින්ට දින 30 ක විද්‍යුත් සංචාරක අවසරපත (ETA) නොමිලේ ලබා ගත හැකි අතර, රටට පැමිණීමට පෙර ETA මාර්ගගත අවසරය ලබා ගැනීම අනිවාර්ය වේ. 

නිල ETA පද්ධතිය වෙත පිවිසීමට පහත දිගුව භාවිතා කරන්න.

https://eta.gov.lk/slvisa/

1 / 2

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලය, ජපානය

இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசின் தூதரகம், ஜப்பான்

Embassy of the Democratic Socialist Republic of Sri Lanka, Japan

Embassy Flag

තානාපතිතුමා නොබෙල් සාම ත්‍යාගලාභීන්ගේ ලෝක සමුළුවේ වාර්ෂික රැස්වීමට එක්වෙයි

2026 ඔක්තෝබර් 29 වන දින, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා, ආසියානු මහ කාර්යාලයේ සභාපතිනි ජෙන්සෙයි ඉතො මහත්මියගේ ආරාධනාව මත, නොබෙල් සාම ත්‍යාගලාභීන්ගේ ලෝක සමුළුවේ වාර්ෂික රැස්වීමට සහභාගී විය.

තානාපතිතුමන් සිය දේශනයේදී තරුණයින්ට වඩාත් සාමකාමී ලෝකයක් ගොඩනැගීමට ධෛර්යය සහ ප්‍රඥාව ඇති බවත්, ශ්‍රී ලංකාව සහ ජපානය සංහිඳියාව තුළින් අතීතයේ වේදනාව මිත්‍රත්වයක් බවට පරිවර්තනය කර ඇති ආකාරය ඉස්මතු කළ බවත් අවධාරණය කළේ.

මෙම අවස්ථාවට ජපානයේ හිටපු ආරක්ෂක අමාත්‍ය සතෝෂි මොරිමොතො මහතා සහ ජපානයේ හිටපු නියෝජිත මන්ත්‍රී මණ්ඩල සභික සහ අධ්‍යාපන, සංස්කෘතික, ක්‍රීඩා, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ගරු හකුබුන් ෂිමොමුරා මහතා විසින් කරන ලද ප්‍රකාශ ද ඇතුළත් විය.

 

Content image
Content image
Content image
Content image
Content image
Content image