නිවේදනයයි

2026 ජූලි 26 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, සංචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකාව වෙත යාමට බලාපොරොත්තු වන සියලුම සුදුසුකම් ලත් සංචාරකයින් ශ්‍රී ලංකාව වෙත යාමට පෙර විද්‍යුත් සංචාරක අවසරය (ETA) ලබා ගත යුතුය.

ජපානය ඇතුළු සුදුසුකම් ලත් රටවල් 40 ක ජාතිකයින්ට දින 30 ක විද්‍යුත් සංචාරක අවසරපත (ETA) නොමිලේ ලබා ගත හැකි අතර, රටට පැමිණීමට පෙර ETA මාර්ගගත අවසරය ලබා ගැනීම අනිවාර්ය වේ. 

නිල ETA පද්ධතිය වෙත පිවිසීමට පහත දිගුව භාවිතා කරන්න.

https://eta.gov.lk/slvisa/

1 / 2

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලය, ජපානය

இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசின் தூதரகம், ஜப்பான்

Embassy of the Democratic Socialist Republic of Sri Lanka, Japan

Embassy Flag

තානාපති චිබා ප්‍රාන්තයේ සවරා ලංකාජි විහාරස්ථානයේ පැවති වාර්ෂික කඨින චීවර පූජා උත්සවයට සහභාගී විය.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිරිතුරු ජනක් කුමාරසිංහ මහතා, තානාපති කාර්යාලයේ නිලධාරීන් ද සමඟින්, 2026 නොවැම්බර් 01 වන දින චිබා ප්‍රාන්තයේ සවරා ලංකාජි විහාරස්ථානයේ පැවති වාර්ෂික කඨින චීවර පූජා උත්සවයට සහභාගී විය.

විහාරාධිපති සහ ජපානය සඳහා ප්‍රධාන සංඝනායක, අතිපූජ්‍ය බානගල උපතිස්ස නායක ස්වාමීන් වහන්සේ මෙම උත්සවයේ මුලසුන දැරූහ.

මෙම වැදගත් අවස්ථාව සනිටුහන් කරමින්, ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික බැතිමතුන් විශාල පිරිසක් සාම්ප්‍රදායික කඨින පෙරහැර සඳහා ද, සංඝික දානය සහ දන්සැල් ඇතුළු ආගමික කටයුතු සඳහා ද එක්ව සිටියහ.

 

Content image
Content image
Content image