නිවේදනයයි

2026 ජූලි 26 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, සංචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකාව වෙත යාමට බලාපොරොත්තු වන සියලුම සුදුසුකම් ලත් සංචාරකයින් ශ්‍රී ලංකාව වෙත යාමට පෙර විද්‍යුත් සංචාරක අවසරය (ETA) ලබා ගත යුතුය.

ජපානය ඇතුළු සුදුසුකම් ලත් රටවල් 40 ක ජාතිකයින්ට දින 30 ක විද්‍යුත් සංචාරක අවසරපත (ETA) නොමිලේ ලබා ගත හැකි අතර, රටට පැමිණීමට පෙර ETA මාර්ගගත අවසරය ලබා ගැනීම අනිවාර්ය වේ. 

නිල ETA පද්ධතිය වෙත පිවිසීමට පහත දිගුව භාවිතා කරන්න.

https://eta.gov.lk/slvisa/

1 / 2

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලය, ජපානය

இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசின் தூதரகம், ஜப்பான்

Embassy of the Democratic Socialist Republic of Sri Lanka, Japan

Embassy Flag

ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ප්‍රාදේශීය බලධාරීන් එක්ව සංවිධානය කරන ලද රාජ්‍ය තාන්ත්‍රික අධ්‍යයන චාරිකාවක කොටසක් වශයෙන් ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, 2026 නොවැම්බර් 7-8 දිනවල නීගාටා ප්‍රාන්තයේ පැවති ලෝක නිෂිකිගෝයි සමුළුව 2026 සහ 'Cool Japan Expo' ප්‍රදර්ශනය සඳහා සහභාගි වෙන ලදී.

ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ප්‍රාදේශීය බලධාරීන් එක්ව සංවිධානය කරන ලද රාජ්‍ය තාන්ත්‍රික අධ්‍යයන චාරිකාවක කොටසක් වශයෙන් ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, 2026 නොවැම්බර් 7-8 දිනවල නීගාටා ප්‍රාන්තයේ පැවති ලෝක නිෂිකිගෝයි සමුළුව 2026 සහ 'Cool Japan Expo' ප්‍රදර්ශනය සඳහා සහභාගි වෙන ලදී.

මෙම සංචාරය අතරතුර, තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා නීගතා ප්‍රාන්තයේ ආණ්ඩුකාර හිදෙයෝ හනසුමි මහතා, නගඕකා නගරයේ නගරාධිපති තත්සුනොබු ඉසෝදා මහතා, ඕජියා නගරයේ නගරාධිපති එත්සුඕ මියසකි මහතා සහ සදෝ, නගඕක්ස සහ ඔජියා නගරවල සහ ජපාන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ දේශීය හවුල්කාරිත්ව සහයෝගීතා අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවිය.

සාකච්ඡා අතරතුර නීගතා හි රෙදිපිළි කර්මාන්තය සහ ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික අත්යන්ත්‍ර රෙදිපිළි අංශය අතර ඇති කරගත හැකි සහයෝගීතා ඇතුළුව සංස්කෘතික හුවමාරු, සංචාරක සහ සාම්ප්‍රදායික කර්මාන්තයන්හි සහයෝගීතා අවස්ථා පිළිබඳව අවධානයට ලක් විය. නීගතා හි සංස්කෘතික හා කෘෂිකාර්මික උරුමයේ සුවිශේෂී සංකේතයක් ලෙස නිෂිකිගෝයි (විසිතුරු කාප් මසුන්) ජාත්‍යන්තරව ප්‍රවර්ධනය කිරීමෙහි වැදගත්කම මෙම සංචාරයේදී ඉස්මතු විය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් සහ සංචාරක ආකර්ෂණයන් නීගතා සංචාරකයන් වෙත ලඟා කරවීමට Cool Japan Expo තුළ අවස්ථාව හිමි විය.

සංවිධායකයින් සහ පළාත් පාලන ආයතන විසින් ලබා දෙන ලද උණුසුම් ආගන්තුක සත්කාරයන් අගය කරන තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාව සහ ජපානය අතර සංස්කෘතික හා කලාපීය හුවමාරු ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වෙයි.

Content image
Content image