නිවේදනයයි

2026 ජූලි 26 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, සංචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකාව වෙත යාමට බලාපොරොත්තු වන සියලුම සුදුසුකම් ලත් සංචාරකයින් ශ්‍රී ලංකාව වෙත යාමට පෙර විද්‍යුත් සංචාරක අවසරය (ETA) ලබා ගත යුතුය.

ජපානය ඇතුළු සුදුසුකම් ලත් රටවල් 40 ක ජාතිකයින්ට දින 30 ක විද්‍යුත් සංචාරක අවසරපත (ETA) නොමිලේ ලබා ගත හැකි අතර, රටට පැමිණීමට පෙර ETA මාර්ගගත අවසරය ලබා ගැනීම අනිවාර්ය වේ. 

නිල ETA පද්ධතිය වෙත පිවිසීමට පහත දිගුව භාවිතා කරන්න.

https://eta.gov.lk/slvisa/

1 / 2

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලය, ජපානය

இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசின் தூதரகம், ஜப்பான்

Embassy of the Democratic Socialist Republic of Sri Lanka, Japan

Embassy Flag

ජපානයේ ඩයිනර්ස් ක්ලබ් සාමාජිකයින් හට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරයි

ජපානයේ ඩයිනර්ස් ක්ලබ් සාමාජිකයින් හට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරයි

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 2026 සැප්තැම්බර් 8 සහ 11 යන දිනවල තානාපතිවරයාගේ නිළ නිවසේදී ශ්‍රී ලංකාවේ විවිධ සංචාරක ආකර්ෂණ ස්ථාන, පොහොසත් සංස්කෘතික උරුමයන් සහ ලෝක ප්‍රසිද්ධ සිලෝන් තේ ප්‍රදර්ශනය කරමින් ඩයිනර්ස් ක්ලබ් සාමාජිකයින් සඳහා විශේෂ සංචාරක ප්‍රවර්ධන උත්සව සංවිධානය කළේය.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා අමුත්තන් උණුසුම් ලෙස පිළිගෙන, සහභාගිවූවන්ම සමග සුහද සාකච්ඡාවල නිරතවෙමින් දිවයිනේ ස්වාභාවික සුන්දරත්වය, සංස්කෘතික උරුමය, ආහාරපාන සහ කීර්තිමත් ආගන්තුක සත්කාරය පිළිබද දැනුවත් කරමින් ඒ්වා අත්විඳීමට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ඔවුන් දිරිමත් කළේය.

සංචාරක සහ භෝජන අත්දැකීම් කෙරෙහි අවධානය යොමු කරන ගෝලීය වශයෙන් පිළිගත් ගෙවීම් කාඩ්පත් සන්නාමයක් වන ඩයිනර්ස් ක්ලබ්, ජපානයේ සිටින එහි සාමාජිකයින්ට ශ්‍රී ලංකාව ආකර්ශනීය ගමනාන්තයක් ලෙස හඳුන්වා දීමට තානාපති කාර්යාලයට අවස්ථාවක් ලබා දුන්නේය.

මෙම වැඩසටහනට තානාපති කාර්යාලයේ පළමු ලේකම් සඳුන් සමීර මහතා විසින් ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණයන් පිළිබඳ ඉදිරිපත් කිරීමක් ද ලංකා තේ පිළිබද දැනුවත් කිරීමක් සහ තේ රස විදීමට අවස්ථාවක්, කැනොන් යසුසුකා මහත්මිය ඇතුළු කණ්ඩායම විසින් සිංහල ගීත වයිලීන වාදනයක්, ශේන් නර්ථන කණ්ඩායම විසින් සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික නර්තන අංගයන් සහ රොජර් කිචන් වෙතින් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ආප්පවල සජීවී ඉවුම් පිහුම් නිරූපණයක් ඇතුළත් විය.

Content image
Content image
Content image
Content image
Content image
Content image
Content image
Content image