ශ්‍රී ලංකා නියෝජිත පිරිස JICA ආයතනය සමඟ සාකච්ඡා පවත්වයි.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිරිතුරු ජනක් කුමාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිසක්, 2026 ඔක්තෝබර් 15 වන දින ටෝකියෝ නුවර පිහිටි ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) මූලස්ථානයේදී, එම ආයතනයේ දකුණු ආසියානු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තෙත්සුයා යමදා මහතා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වූහ.
මෙම සාකච්ඡා කර්මාන්ත සංවර්ධනය, අපනයන ප්‍රවර්ධනය, ව්‍යවසායකත්වය, නවෝත්පාදනය සහ ප්‍රජා මූලික සංවර්ධනය යන ක්ෂේත්‍රවල සහයෝගිතාව ඇති කර ගැනීම කෙරෙහි අවධානය යොමු කළ අතර, විශේෂයෙන්ම භූ විද්‍යාත්මක සිතියම්කරණය, ඛනිජ සම්පත් තක්සේරුව සහ තාක්ෂණික පුහුණුව හරහා ශ්‍රී ලංකාවේ ඛනිජ ක්ෂේත්‍රයේ තාක්ෂණික ධාරිතාව ශක්තිමත් කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලදී.
