නිවේදනයයි

2026 ජූලි 26 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, සංචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකාව වෙත යාමට බලාපොරොත්තු වන සියලුම සුදුසුකම් ලත් සංචාරකයින් ශ්‍රී ලංකාව වෙත යාමට පෙර විද්‍යුත් සංචාරක අවසරය (ETA) ලබා ගත යුතුය.

ජපානය ඇතුළු සුදුසුකම් ලත් රටවල් 40 ක ජාතිකයින්ට දින 30 ක විද්‍යුත් සංචාරක අවසරපත (ETA) නොමිලේ ලබා ගත හැකි අතර, රටට පැමිණීමට පෙර ETA මාර්ගගත අවසරය ලබා ගැනීම අනිවාර්ය වේ. 

නිල ETA පද්ධතිය වෙත පිවිසීමට පහත දිගුව භාවිතා කරන්න.

https://eta.gov.lk/slvisa/

1 / 2

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලය, ජපානය

இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசின் தூதரகம், ஜப்பான்

Embassy of the Democratic Socialist Republic of Sri Lanka, Japan

Embassy Flag

අමාත්‍ය ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස JOGMEC නායකත්වය සමඟ සාකච්ඡා පවත්වයි.

අමාත්‍ය ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස JOGMEC නායකත්වය සමඟ සාකච්ඡා පවත්වයි.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිස, 2026 ඔක්තෝබර් 15 වන දින ටෝකියෝ නුවරදී, ජපාන ලෝහ හා බලශක්ති සුරක්ෂිතතා සංවිධානයේ (JOGMEC) සභාපති ඉචිරෝ තකහාරා මහතා සහ එහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සමඟ සාකච්ඡා පැවැත්වූහ.

ශ්‍රී ලංකාව තුළ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සහ අගය එකතු කළ ඛනිජ කර්මාන්ත සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින්, තාක්ෂණික සහයෝගීතාව, තාක්ෂණ හුවමාරුව සහ ජපන් සමාගම් සමඟ සම්බන්ධතා ඇති කර ගැනීම සඳහා පවතින අවස්ථා පිළිබඳව මෙහිදී දෙපාර්ශවයම සාකච්ඡා කළහ.