නිවේදනයයි

2026 ජූලි 26 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, සංචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකාව වෙත යාමට බලාපොරොත්තු වන සියලුම සුදුසුකම් ලත් සංචාරකයින් ශ්‍රී ලංකාව වෙත යාමට පෙර විද්‍යුත් සංචාරක අවසරය (ETA) ලබා ගත යුතුය.

ජපානය ඇතුළු සුදුසුකම් ලත් රටවල් 40 ක ජාතිකයින්ට දින 30 ක විද්‍යුත් සංචාරක අවසරපත (ETA) නොමිලේ ලබා ගත හැකි අතර, රටට පැමිණීමට පෙර ETA මාර්ගගත අවසරය ලබා ගැනීම අනිවාර්ය වේ. 

නිල ETA පද්ධතිය වෙත පිවිසීමට පහත දිගුව භාවිතා කරන්න.

https://eta.gov.lk/slvisa/

1 / 2

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලය, ජපානය

இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசின் தூதரகம், ஜப்பான்

Embassy of the Democratic Socialist Republic of Sri Lanka, Japan

Embassy Flag

අමාත්‍ය ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා ජපානයේ ආර්ථික, වෙළඳ සහ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා පවත්වයි.

අමාත්‍ය ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා ජපානයේ ආර්ථික, වෙළඳ සහ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා පවත්වයි.

ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පවිතුරු ජනක් කුමාරසිංහ මහතා සමඟ එක්ව, 2026 ඔක්තෝබර් 15 වන දින ජපානයේ ආර්ථික, වෙළඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ (METI) දී, එරට ආර්ථික, වෙළඳ සහ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ගරු ටකාගි කේයි (TAKAGI Kei) මහතා සමඟ සාකච්ඡා පැවැත්වීය.

මෙම සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආර්ථික හා කාර්මික සහයෝගීතාව ශක්තිමත් කිරීම, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික හා ආයෝජන වාතාවරණය වැඩිදියුණු කිරීම සහ "අපනයන ඉලක්ක කරගත් කාර්මික කොරිඩෝවක් ගොඩනැගීම" පිළිබඳ සංකල්පීය මාර්ග සිතියම (Conceptual Roadmap) ඉදිරියට ගෙන යාම යන කරුණු පාදක විය.

Content image
Content image
Content image