ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජපානයේ ඔසාකා නුවරදී 'ශ්‍රී ලංකා එක්ස්පෝ 2027' (Sri Lanka Expo 2027) ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කරයි.
ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ඔසාකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (OCCI) සමඟ එක්ව, 2026 සැප්තැම්බර් 18 වන දින ජපානයේ ඔසාකා නුවරදී "ජපන් සමාගම් සඳහා ශ්‍රී ලංකාවේ පවතින ව්‍යාපාරික හා ආයෝජන අවස්ථා" මැයෙන් සම්මන්ත්‍රණයක් සංවිධානය කරන ලදී.
ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා, ශ්‍රී ලංකා ආර්ථිකයේ වත්මන් තත්ත්වය සහ 'අපනයන ඉලක්ක කරගත් කාර්මික කොරිඩෝ සංවර්ධන සැලැස්ම' (Export-Oriented Industrial Corridor Development Plan) පිළිබඳව අදහස් දැක්වීය. තානාපති කාර්යාලයේ පළමු ලේකම් (වාණිජ) සන්දුන් සමීර මහතා, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික හා ආයෝජන වාතාවරණය පිළිබඳ කරුණු ඉදිරිපත් කළේය.
ජපාන විදේශ වෙළඳ සංවිධානයේ (JETRO) නියෝජිතයින්, ශ්‍රී ලංකාවේ පවතින ව්‍යාපාරික අවස්ථා සහ 'ශ්‍රී ලංකා - ජපාන දක්ෂතා හුවමාරු වැඩසටහන' (Sri Lanka–Japan Talent Bridge Initiative) පිළිබඳ තොරතුරු බෙදා ගත්හ. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා, "ශ්‍රී ලංකා එක්ස්පෝ 2027 - නව ව්‍යාපාරික අවස්ථා සඳහා ආසියාවේ දොරටුව" (Sri Lanka Expo 2027 – Asia’s Gateway to New Business Opportunities) පිළිබඳව ඉදිරිපත් කිරීමක් සිදු කළ අතර, මෙම ප්‍රදර්ශනයට සහභාගී වී ශ්‍රී ලංකාවේ පවතින ව්‍යාපාරික, වෙළඳ සහ ආයෝජන අවස්ථා ගවේෂණය කරන ලෙස ඔසාකා හී ජපන් සමාගම්වලට ආරාධනා කළේය.
මෙම සම්මන්ත්‍රණය මගින්, ඔසාකා නුවර ජපන් සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව දැනුවත් වීමටත්, දෙරට අතර හවුල්කාරිත්වයන් ගවේෂණය කිරීමටත්, ශ්‍රී ලංකාව සහ ජපානය අතර ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කර ගැනීමටත් අවස්ථාව සැලසුණි.
