නිවේදනයයි

2026 ජූලි 26 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, සංචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකාව වෙත යාමට බලාපොරොත්තු වන සියලුම සුදුසුකම් ලත් සංචාරකයින් ශ්‍රී ලංකාව වෙත යාමට පෙර විද්‍යුත් සංචාරක අවසරය (ETA) ලබා ගත යුතුය.

ජපානය ඇතුළු සුදුසුකම් ලත් රටවල් 40 ක ජාතිකයින්ට දින 30 ක විද්‍යුත් සංචාරක අවසරපත (ETA) නොමිලේ ලබා ගත හැකි අතර, රටට පැමිණීමට පෙර ETA මාර්ගගත අවසරය ලබා ගැනීම අනිවාර්ය වේ. 

නිල ETA පද්ධතිය වෙත පිවිසීමට පහත දිගුව භාවිතා කරන්න.

https://eta.gov.lk/slvisa/

1 / 2

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලය, ජපානය

இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசின் தூதரகம், ஜப்பான்

Embassy of the Democratic Socialist Republic of Sri Lanka, Japan

Embassy Flag

BS Nippon TV හි "Embassy Chef’s Specialité" වැඩසටහන

  මාධ්‍ය නිවේදනය: 
BS Nippon TV හි "Embassy Chef’s Specialité" වැඩසටහන ඔස්සේ ශ්‍රී ලාංකික ආහාර සංස්කෘතිය විදහා දැක්වේ. (ඔක්තෝබර් 3, සෙනසුරාදා)BS Nippon TV හි "Embassy Chef’s Specialité" වැඩසටහන ඔස්සේ ඔක්තෝබර් 3 වන සෙනසුරාදා දින ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික උදෑසන ආහාර වේලක් පිළිබඳව ඉදිරිපත් කිරීමට නියමිත බව සතුටින් දන්වා සිටිමු.මෙහිදී තානාපතිතුමා විසින්, සුවඳවත් කුළුබඩු සහ පොල්කිරි එකිනෙක මුසු වී රස මවන ශ්‍රී ලාංකික ආහාර සංස්කෘතිය පිළිබඳව මෙන්ම, විවිධ රසයන් එකිනෙක මුසු කර ගනිමින් ආහාර අනුභව කරන සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ක්‍රමය පිළිබඳව ද කරුණු පැහැදිලි කරනු ඇත. එමෙන්ම, "අල කිරි හොදි" (Creamy coconut Potato Curry) සිය නිවසේදී සාදාගන්නා ආකාරය පියවර වශයෙන් නරඹන්නන් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

[විකාශන විස්තර]Program: BS Nippon TV "Embassy Chef’s Specialité"දිනය සහ වේලාව: Saturday, October 3, 22:30 – 23:00 (JST)Official Website:  https://www.bs4.jp/Cooking/specialty/   

Content image
Content image
Content image