2026 සැප්තැම්බර් 10 වන දින, ජපානයේ METI සහ NEDO ආයතනවල සම-සත්කාරකත්වයෙන් චිබා හි මකුහාරි මෙසේ (Makuhari Messe) හිදී පැවති 8 වන හයිඩ්‍රජන් අමාත්‍ය මට්ටමේ හමුව අමතමින් තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මැතිතුමා අදහස් දැක්වීය. ජපාන රජය සහ උසස් තාක්ෂණයන් සහිත ආයෝජකයින් ඇතුළු පාර්ශ්වයන්ගෙන් ලැබෙන ජාත්‍යන්තර සහාය ඇතිව හයිඩ්‍රජන් ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බව තානාපතිවරයා මෙහිදී අවධාරණය කළ අතර, මෙම ක්ෂේත්‍රයේ අනාගතය සියලු පාර්ශ්වයන් ඇතුළත් වන ආකාරයේ එකක් විය යුතු බවත්, සංවර්ධනය වෙමින් පවතින රටවල් ඉන් මග නොහැරිය යුතු බවත් අවධාරණය කළේය. මෙම වටමේස සාකච්ඡාවේ මුලසුන ජපානයේ ආර්ථික, වෙළඳ සහ කර්මාන්ත අමාත්‍ය රියෝසේයි අකසාවා (Ryosei Akazawa) මහතා විසින් හොබවන ලදී.
