2026 සැප්තැම්බර් 03 වන දින, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා, සප්පොරෝ වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ උප සභාපති තකහිරෝ නකතා මහතා සහ සාමාජිකයින් වාණිජ මණ්ඩල කාර්යාලයේදී හමුවිය. හොක්කයිදෝ හි ඔතාරු නගරයේ ශ්‍රී ලංකා ගරු කොන්සල් කෙන් යමෂිතා මහතා ද සහභාගී විය. වෙළඳ හා ආයෝජන සබඳතා වැඩි දියුණු කිරීම, දක්ෂ ශ්‍රී ලාංකික වෘත්තිකයන් සඳහා සප්පොරෝ හි රැකියා අවස්ථා ගවේෂණය කිරීම සහ ජනවාරි 14-17 දක්වා ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට සහභාගී වන ලෙස වාණිජ මණ්ඩල සාමාජිකයින්ට ආරාධනා කිරීම සදහා මෙම සාකච්ඡාව පැවැත්විණි.
