නිවේදනයයි

2026 ජූලි 26 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, සංචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකාව වෙත යාමට බලාපොරොත්තු වන සියලුම සුදුසුකම් ලත් සංචාරකයින් ශ්‍රී ලංකාව වෙත යාමට පෙර විද්‍යුත් සංචාරක අවසරය (ETA) ලබා ගත යුතුය.

ජපානය ඇතුළු සුදුසුකම් ලත් රටවල් 40 ක ජාතිකයින්ට දින 30 ක විද්‍යුත් සංචාරක අවසරපත (ETA) නොමිලේ ලබා ගත හැකි අතර, රටට පැමිණීමට පෙර ETA මාර්ගගත අවසරය ලබා ගැනීම අනිවාර්ය වේ. 

නිල ETA පද්ධතිය වෙත පිවිසීමට පහත දිගුව භාවිතා කරන්න.

https://eta.gov.lk/slvisa/

1 / 2

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලය, ජපානය

இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசின் தூதரகம், ஜப்பான்

Embassy of the Democratic Socialist Republic of Sri Lanka, Japan

Embassy Flag

තානාපති ගරු මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා ආණ්ඩුකාර කාර්යාලයේදී කනගාවා ප්‍රාන්තයේ ආණ්ඩුකාර ගරු කුරෝයිවා යූජි මහතා හමුවිය.

2026 අගෝස්තු 31 වන දින, ජපානයේ ශ්‍රී ලංකා තානාපති ගරු මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා ආණ්ඩුකාර කාර්යාලයේදී කනගාවා ප්‍රාන්තයේ ආණ්ඩුකාර ගරු කුරෝයිවා යූජි මහතා හමුවිය. තානාපතිවරයා ජපානය සහ ශ්‍රී ලංකාව අතර ඓතිහාසික සබඳතා පිළිබඳව ආවර්ජනය කළ අතර, ශ්‍රී ලංකාවේ ආයෝජන සහ සංචාරක අවස්ථා ඉස්මතු කෙළ්ය, තානාපතිතුමන් ආණ්ඩුකාරවරයා වෙත ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව පවත්වාගෙන යන සම්බන්ධතාවය ෙවනුෙවන් සිය ස්තූතිය පල කෙළ්ය.

Content image