ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා සහ අමාත්‍ය උපදේශිකා තිළිණි ගුණරත්න මහත්මිය 2026 අගෝස්තු 6 වන දින හිරෝෂිමා නගරයේ පැවති හිරෝෂිමා සාම අනුස්මරණ උත්සවයට සහභාගී වෙමින් රැස්ව සිටි පිරිස සමග විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වා වින්දිතයින් සිහිපත් කිරීම සඳහා මල් පුද කරමින් න්‍යෂ්ටික අවිවලින් තොර සාමකාමී ලෝකයක් සඳහා ශ්‍රී ලංකාවේ ද චිරස්ථායි කැපවීම පෙන්නුම් කළේය.
