ශ්‍රී ලාංකික මානව සම්පත් ප්‍රවර්ධන වැඩසටහන – 2026 ජපානය, වැඩසටහනේ තවත් විශේෂ වැඩසටහනක් ලෙස විදේශ මානව සම්පත් කවුන්සිලය (FHC) සමඟ සහයෝගයෙන් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක් 2026 අගෝස්තු 2 වන දින ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පැවත් විය. නව "නිශ්චිත කුසලතා සේවක" සහ "පුහුණු රැකියා" (ඉකුසෙයි ෂුරෝ) පද්ධති ඇතුළුව ජපානයේ වැඩිදියුණු වෙමින් පවතින රැකියා පිළිබඳ අගනා අවබෝධයක් මෙම වැඩසටහන තුළින් ලබා දෙන ලදී.මෙම සම්මන්ත්‍රණය පැවැත්වීම සම්බන්ධයෙන් සහ පැමිණි රැකියා නියෝජිතායතන වල පිරිසට තිබු ගැටළු පිළිබද සාකච්ඡා කරමින් ජපානයේ පවතින නීති පිළිබඳ ඔහුගේ විශේෂඥ මඟ පෙන්වීම සම්බන්ධයෙන් FHC නීති උපදේශක නීතිඥ ෂෝහෙයි සුගිතා මහතාට තානාපති කාර්යාලයේ ස්තුතිය පුද කර සිටිමු.සහභාගී වීමට නොහැකි වූ අය සඳහා, සම්මන්ත්‍රණ පටිගත කිරීම ඉල්ලීම් කර මත නැරඹීමට කරුණාකර මෙතැනින් පිවිසෙන්න: https://forms.gle/wQa8iQnnnHktQiZr9
