නිවේදනයයි

2026 ජූලි 26 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, සංචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකාව වෙත යාමට බලාපොරොත්තු වන සියලුම සුදුසුකම් ලත් සංචාරකයින් ශ්‍රී ලංකාව වෙත යාමට පෙර විද්‍යුත් සංචාරක අවසරය (ETA) ලබා ගත යුතුය.

ජපානය ඇතුළු සුදුසුකම් ලත් රටවල් 40 ක ජාතිකයින්ට දින 30 ක විද්‍යුත් සංචාරක අවසරපත (ETA) නොමිලේ ලබා ගත හැකි අතර, රටට පැමිණීමට පෙර ETA මාර්ගගත අවසරය ලබා ගැනීම අනිවාර්ය වේ. 

නිල ETA පද්ධතිය වෙත පිවිසීමට පහත දිගුව භාවිතා කරන්න.

https://eta.gov.lk/slvisa/

1 / 2

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලය, ජපානය

இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசின் தூதரகம், ஜப்பான்

Embassy of the Democratic Socialist Republic of Sri Lanka, Japan

Embassy Flag

ශ්‍රී ලංකා – ජපාන මානව සම්පත් ප්‍රවර්ධන වැඩසටහන 2026 යටතේ පැවැත්වූ පළමු සැසිය 2026 ජූලි 27 වන දින ජපානයේ ටෝකියෝ හී දී සාර්ථකව පැවැත්විණි.

ශ්‍රී ලංකා – ජපාන මානව සම්පත් ප්‍රවර්ධන වැඩසටහන 2026 යටතේ පැවැත්වූ පළමු සැසිය 2026 ජූලි 27 වන දින ජපානයේ ටෝකියෝ හී දී සාර්ථකව පැවැත්විණි.

මෙම වැඩසටහන ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය (SLBFE) සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සංවිධානය කළ අතර, ශ්‍රී ලංකාවෙන් පැමිණි බලපත්‍රලාභී රැකියා නියෝජිත ආයතන 25ක නියෝජිතයින් සහ ජපානයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් බඳවා ගන්නා ආයතන 100කට ආසන්න සංඛ්‍යාවක නියෝජිතයින් මේ සඳහා සහභාගී වූහ.

ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ සභාපති ගරු කෝශල වික්‍රමසිංහ මහතා, වැඩබලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සැලසුම් හා පර්යේෂණ) එච්. ඩබ්ලිව්. සමන්ත මහතා ඇතුළු කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙහිදී ජපානයේ ශ්‍රී ලංකා තානාපති පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා ශ්‍රී ලංකාව සහ ජපානය අතර දශක ගණනාවක් පුරා පවතින ශක්තිමත් මිත්‍රත්වය හා සහයෝගීතාව සිහිපත් කරමින්, ජපානය විසින් ශ්‍රී ලාංකිකයින් සඳහා විවෘත කර ඇති වටිනා රැකියා අවස්ථා පිළිබඳව අවධාරණය කළේය. තවද, ජපාන ශ්‍රම වෙළඳපොළේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි උසස් ගුණාත්මකභාවයෙන් යුතු, නිසි පුහුණුවක් ලැබූ ශ්‍රී ලාංකික ශ්‍රම බලකායක් අඛණ්ඩව ජපානය වෙත යොමු කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවත්, එම අරමුණ සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ රැකියා නියෝජිත ආයතන සහ ජපානයේ බඳවා ගැනීමේ ආයතන අතර සමීප සහයෝගීතාවයේ වැදගත්කමත් එතුමා අවධාරණය කළේය.

වැඩසටහනට සමගාමීව ව්‍යාපාරික හමුවීම් (B2B Networking Session) ද පැවැත්වුණු අතර, ඒ මඟින් ශ්‍රී ලංකාවෙන් පැමිණි රැකියා නියෝජිත ආයතනවල නියෝජිතයින්ට ජපානයේ බඳවා ගැනීමේ සමාගම් සහ ආයතන සමඟ සෘජුවම සාකච්ඡා කර, ශ්‍රී ලාංකිකයින් සඳහා නව රැකියා අවස්ථා, අනාගත සහයෝගීතා සහ බඳවා ගැනීමේ ක්‍රියාවලීන් පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට වටිනා අවස්ථාවක් සැලසුණි.

මෙම වැඩසටහන ජපානය තුළ සාර්ථකව සංවිධානය කිරීම සඳහා ජපානයේ ශ්‍රී ලංකා තානාපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ තානාපති කාර්යාලයේ පළමු ලේකම් සදුන් සමීර මහතා මූලික සම්බන්ධීකරණ කාර්යභාරයක් ඉටු කරමින්, ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය, ශ්‍රී ලංකාවේ රැකියා නියෝජිත ආයතන සහ ජපානයේ අදාළ ආයතන සමඟ සමීපව කටයුතු කරමින් මෙම වැඩසටහන සාර්ථකව සංවිධානය කිරීමට නායකත්වය ලබා දුන්නේය.

මෙම වැඩසටහන ශ්‍රී ලංකාව සහ ජපානය අතර මානව සම්පත් සංවර්ධනය ශක්තිමත් කිරීම, විශ්වාසනීය හා තිරසාර රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීම සහ දෙරට අතර පවතින මිත්‍රශීලී සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වැදගත් වේදිකාවක් බවට පත්විය.

Content image
Content image
Content image
Content image
Content image
Content image
Content image