නිවේදනයයි

2026 ජූලි 26 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, සංචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකාව වෙත යාමට බලාපොරොත්තු වන සියලුම සුදුසුකම් ලත් සංචාරකයින් ශ්‍රී ලංකාව වෙත යාමට පෙර විද්‍යුත් සංචාරක අවසරය (ETA) ලබා ගත යුතුය.

ජපානය ඇතුළු සුදුසුකම් ලත් රටවල් 40 ක ජාතිකයින්ට දින 30 ක විද්‍යුත් සංචාරක අවසරපත (ETA) නොමිලේ ලබා ගත හැකි අතර, රටට පැමිණීමට පෙර ETA මාර්ගගත අවසරය ලබා ගැනීම අනිවාර්ය වේ. 

නිල ETA පද්ධතිය වෙත පිවිසීමට පහත දිගුව භාවිතා කරන්න.

https://eta.gov.lk/slvisa/

1 / 2

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලය, ජපානය

இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசின் தூதரகம், ஜப்பான்

Embassy of the Democratic Socialist Republic of Sri Lanka, Japan

Embassy Flag

ශ්‍රී ලංකාව සහ ජපානය අතර මිත්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා තම ජීවිතයේ වසර ගණනාවක් කැප කළ සහ ශ්‍රී ලංකාවට අමිල දායකත්වයක් ලබා දුන් අභාවප්‍රාප්ත නොබුහිදේ යොෂිද මහතාට ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සිය ගෞරවය සහ කෘතඥතාව පළ කරයි.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර මිත්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා තම ජීවිතයේ වසර ගණනාවක් කැප කළ සහ ශ්‍රී ලංකාවට අමිල දායකත්වයක් ලබා දුන් අභාවප්‍රාප්ත නොබුහිදේ යොෂිද මහතාට ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සිය ගෞරවය සහ කෘතඥතාව පළ කරයි.

ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය (SLBCJ) විසින් ප්‍රධාන ශෝක ප්‍රකාශකයා ලෙස සංවිධානය කරන ලද අවමංගල්‍ය උත්සවයට, ඔහුගේ විශිෂ්ට ජීවිතය හා කැපවීම අගයමින් ඔහුට අවසන් ගෞරව දැක්වීම සදහා ඔහුගේ පවුලේ සාමාජිකයන්, මෙන්ම ලාංකික සහ ජපන් මිතුරන් ද මෙම ශෝක ජනක අවස්ථාවට සහභාගී විය.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති ගරු මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා අවමංගල්‍යයට සහභාගී වී සමුගැනීමේ කථාවක් පවත්වමින්, යොෂිදා මහතා තානාපති කාර්යාලය සමග පැවති දිගුකාලීන මිත්‍රත්වය, ලංකාව කෙරෙහි ඔහු තුල තිබූ උනන්දුව මෙන්ම ජීවිත කාලය පුරාම ශ්‍රී ලංකා කෙරෙහි ඔහු දැක්වූ කැපවීම සඳහා ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් සිය හෘදයාංගම කෘතඥතාව පළ කළේය.

Content image
Content image
Content image