ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා 2026 ජූලි 17 වන දින, මන්ත්‍රී මණ්ඩලයේ කාර්යාල ගොඩනැගිල්ලේදී මන්ත්‍රී මණ්ඩලයේ (ජනතාව සඳහා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය) සාමාජික සහ සයිතමා ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාර ගරු උඑද කියෝෂි මහතා හමුවිය. ශ්‍රී ලංකා ජපාන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම, ශ්‍රී ලංකාවේ විදේශ සෘජු ආයෝජන ප්‍රවර්ධනය කිරීම සහ දක්ෂ ශ්‍රී ලාංකික වෘත්තිකයන් සඳහා රැකියා අවස්ථා පුළුල් කිරීම පිළිබද මෙහිදී සාකච්ඡා පැවැත්විණි.
නිවේදනයයි
2026 ජූලි 26 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, සංචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකාව වෙත යාමට බලාපොරොත්තු වන සියලුම සුදුසුකම් ලත් සංචාරකයින් ශ්‍රී ලංකාව වෙත යාමට පෙර විද්‍යුත් සංචාරක අවසරය (ETA) ලබා ගත යුතුය.
ජපානය ඇතුළු සුදුසුකම් ලත් රටවල් 40 ක ජාතිකයින්ට දින 30 ක විද්‍යුත් සංචාරක අවසරපත (ETA) නොමිලේ ලබා ගත හැකි අතර, රටට පැමිණීමට පෙර ETA මාර්ගගත අවසරය ලබා ගැනීම අනිවාර්ය වේ.
නිල ETA පද්ධතිය වෙත පිවිසීමට පහත දිගුව භාවිතා කරන්න.
https://eta.gov.lk/slvisa/
1 / 2
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලය, ජපානය
இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசின் தூதரகம், ஜப்பான்
Embassy of the Democratic Socialist Republic of Sri Lanka, Japan
