නිවේදනයයි
2026 ජූලි 26 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, සංචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකාව වෙත යාමට බලාපොරොත්තු වන සියලුම සුදුසුකම් ලත් සංචාරකයින් ශ්‍රී ලංකාව වෙත යාමට පෙර විද්‍යුත් සංචාරක අවසරය (ETA) ලබා ගත යුතුය.
ජපානය ඇතුළු සුදුසුකම් ලත් රටවල් 40 ක ජාතිකයින්ට දින 30 ක විද්‍යුත් සංචාරක අවසරපත (ETA) නොමිලේ ලබා ගත හැකි අතර, රටට පැමිණීමට පෙර ETA මාර්ගගත අවසරය ලබා ගැනීම අනිවාර්ය වේ.
නිල ETA පද්ධතිය වෙත පිවිසීමට පහත දිගුව භාවිතා කරන්න.
https://eta.gov.lk/slvisa/
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලය, ජපානය
இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசின் தூதரகம், ஜப்பான்
Embassy of the Democratic Socialist Republic of Sri Lanka, Japan

කොන්සියුලර් සේවා
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලය - ජපානය
ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කන්සියුලර් අංශයට සාදරයෙන් පිලිගනිමු !
ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කොන්සියුලර් අංශය මහජනතාව සඳහා සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 9.15 සිට පස්වරු 1.00 දක්වාත්, පස්වරු 2.00 සිට පස්වරු 3.00 දක්වාත් විවෘතව පවතී.
දුරකථන විමසීම් සඳුදා සිට සිකුරාදා දක්වා පස්වරු 3.00 සිට 5.00 දක්වා සිදු කළ හැකිය. තැපැල් මඟින් එවන ලියකියවිලි අස්ථානගත වීම හෝ හානි වීම සම්බන්ධයෙන් මෙම තානාපති කාර්යාලය කිසිදු වගකීමක් භාර නොගනී.
- සියලුම කොන්සියුලර් සේවාවන් ලබා ගැනීම සඳහා කලින් වේලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වන අතර, ඒ සඳහා https://appointments.embassyonline.lk/auth/register වෙත පිවිසිය හැකිය.
- තැපෑලෙන් මාර්ගයෙන් ලිපි ලේඛන ඉදිරිපත් කිරීමේදී https://appointments.embassyonline.lk/auth/register මගින් ඔබගේ ගිණුම වෙත පිවිස SEND POSTAL DOCUMENT හරහා ඔබගේ විස්තර ඇතුලත් කර ලැබෙන කේතය සමග අදාල ලිපි ලේඛන තානාපති කාර්යාලය වෙත ලැබීමට සලස්වන්න.
ඔබගේ සේවා අවශ්‍යතාවයට අවශ්‍ය උපදෙස් අදාළ පිටුව වෙත පිවිසෙන්න. ඔබ ඉල්ලුම් කළ සේවාව පිළිබදව කෙටි පණිවුඩ (SMS) හා විද්යුත් තැපෑල (Email) හරහා ඔබව දැනුවෙත් කෙරේ. ඒ සදහා ඔබගේ දුරකථන අංකය, විද්යුත් තැපෑල (ඇත්නම්) සටහන් කරන්න.
කන්සියුලර් සේවා ගාස්තු
- සේවාවන් සදහා නියමිත ගාස්තු මුදලින් පමණක් ගෙවිම් කලයුතුවේ. (චෙක්පත්, ණය කාඩ්පත්, කොම්බිණි ගෙවීම්, වැනි ගෙවීම් සිදු කල නොහැක)
- තැපැල් මාර්ගයෙන් සේවාවන් අයදුම් කිරීමේදී තැපැල් කාර්යාලය වෙතින් ලබා ගත හැකි ගෙන්කින් කකිතොමේ
(現金書留)ලියුම් කවරය භාවිතා කරන්න. - අසම්පූර්ණ, සාවද්‍ය තොරතුරු මත කිසියම් සේවාවක් සදහා අයදුම්කර ඇතිවිට, එම අදාළ සේවාව සැපයීමට කටයුතු නොකරන අතර ඒ සදහා ගෙවන ලද ගාස්තුව ද ආපසු ගෙවනු නොලැබේ.
කන්සියුලර් අංශයේ ලබාගත හැකි සේවාවන්
- ගමන් බලපත්‍රය අලුත් කිරීම - වත්මන් ගමන් බලපත්‍රය කල් ඉකුත් වී ඇත්නම්
- නව ගමන් බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීම - වත්මන් ගමන් බලපත්‍රය නැති වී හෝ හානි වී ඇත්නම්
- නව ගමන් බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීම - ගමන් බලපත්‍රයේ අයදුම්කරු වයස අවුරුදු 16 ට අඩු දරුවෙකි.
- උපත් ලියාපදිංචි කිරීම
- රියදුරු බලපත්‍රය අලුත් කිරීම
- රියදුරු බලපත්‍රයේ අනුපිටපත
- රියදුරු බලපත්‍රයක පුද්ගලික විස්තර වෙනස් කිරීම
- QR කේතය සහිත නව රියදුරු බලපත්‍ර හඳුන්වාදීම
- ශ්‍රී ලංකා නීතිය යටතේ විවාහ ලියාපදිංචි කිරීම - ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අතර විවාහය
- ශ්‍රී ලංකා නීතිය යටතේ විවාහ ලියාපදිංචි කිරීම - ශ්‍රී ලාංකිකයෙකු සහ ජපන් ජාතිකයෙකු අතර විවාහය
- ශ්‍රී ලංකා නීතිය යටතේ විවාහ ලියාපදිංචි කිරීම - ශ්‍රී ලාංකිකයෙකු සහ ජපන් නොවන අයෙකු අතර විවාහය
- දිවුරුම් ප්‍රකාශය
- ඇටෝර්නි බලපත්‍ර
- වෙනස්කම්
- විදේශගත මව/පියා ලංකාවේ තම දරුවාට ගුවන් ගමන් බලපත්‍රය නිකුත් කිරීම පිලිබඳ විරෝධයක් නොමැති බව දැන්වීම
- නීතිගත කිරීම සහ සහතික කිරීම
- ජපාන රජය විසින් නිකුත් කරන ලද ලේඛන/සහතික ඉදිරිපත් කිරීම
- මරණ ලියාපදිංචි කිරීම
- සතුන් ශ්‍රී ලංකාවට ගෙන යාමට